බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    මුදල් කොමිෂන් සභාවේ 2013 වාර්ෂික අයවැයෙන් පළාත් අතර අරමුදල් බෙදා වෙන් කර දීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා වෙත කෙරෙන නිර්දේශ
(ii)    ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා නව අධ්‍යාපන ප්‍රතිපත්ති හා යෝජනා
(iii)    සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වැනි වගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 ජුලි 15 දිනැති අංක 1819/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නිවේදනය

(iv)    2012 වර්ෂය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ
(v)    2012 වර්ෂය සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ
(vi)    2011 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ

වාර්ෂික කාර්යසාධන වාර්තා

 

පාර්ලිමේන්තු ‍සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

කාරක සභාවේ කාල සීමාව 2013 නොවැම්බර් මස 30 වැනි දින දක්වා තව දුරටත් දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එකඟ විය.

 

කල් තැබීමේ යෝජනාව

“රතුපස්වල සිදුවීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2013 අගෝස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks