බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

1985 අංක 48 දරන පනතින් හා 1987 අංක 28 දරන පනතින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4(3) වගන්තිය සහ 14 හා 20 වැනි වගන්ති යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2013 ජුලි 18 දිනැති අංක 1819/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු රෝසි සේනානායක මහත්මියට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

රේගු ආඥාපනත යටතේ ‍යෝජනාව

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කොළඹ දකුණ වරායේ කන්ටේනර් පර්යන්තය හා දියකඩනය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2013 අගෝස්තු මස 8 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks