පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2011 වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ
(ii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ
(iii) 2010 සහ 2011 වර්ෂ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ
(iv) 2010 වර්ෂය සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ
වාර්ෂික වාර්තා
(v) 2012 වර්ෂය සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “සෙයියිද් අබ්දුර් රහ්මාන් ජිෆ්රි මව්ලානා අනුස්මරණ අරමුදල (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතාට අවසර දෙන ලදී.
(ii) “අල්හසන් පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු හුනෙයිස් ෆාරුක් මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත අංක (i) සහ (ii) පනත් කෙටුම්පත් පිළිවෙළින් සමාජ සේවා අමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
කල් තැබූ විවාදය හෙට දින කරගෙන යෑමට නියමිතයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ගම්පහ දිස්ත්‍රික්කයේ රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා වෛද්‍ය සහතික නිකුත් කරන වෛද්‍ය මධ්‍යස්ථානයක්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1918 ට 2013 ජූලි මස 24 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks