බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 දෙසැම්බර් 31 දායින් අවසන් වූ වර්ෂය සඳහා ශ්‍රී ලංකා පදනමේ
(ii) 2011/12 වර්ෂය සඳහා සී/ස. ලංකා පොස්පේට් සමාගමේ

වාර්ෂික වාර්තා

(iii) 2012 වර්ෂය සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ
(iv) 2012 වර්ෂය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(v) 2012 වර්ෂය සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

කාර්යසාධන වාර්තා


(vi) කලින් කල සංශෝධිත 1958 අංක 15 දරන සේවක අර්ධසාධක අරමුදල පනතේ 46 වැනි වගන්තිය යටතේ කම්කරු සහ කම්කරු සබඳතා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග (2013.05.13 දිනැති අංක 1810/20 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.


පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රවී කරුණානායක මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2013 ජූනි 5 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් හි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-

(i) බෝධිරාජාරාම අධ්‍යාපනික හා සංස්කෘතික පදනම (සංස්ථාගත කිරීමේ)
(ii) ශ්‍රී ලංකා පරිගණක සංගමය (සංස්ථාගත කිරීමේ)



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"කොළඹ නගරය හා අනෙකුත් සුළු නගර සංවර්ධනය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2013 ජූලි මස 9 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks