බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග (2013.06.05 දිනැති අංක 1813/15 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(ii) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග (2013.06.05 දිනැති අංක 1813/14 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(iii) 2012 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2013


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

"ඩෙන්ශ්‍රී අධ්‍යාපන පදනම (සංස්ථාගත කිරීමේ)"

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු දිළුම් අමුණුගම මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

රාජ්‍ය ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"කුලියාපිටියේදී පැවැත්වෙන දැයට කිරුළ (2014) ප්‍රදර්ශනය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1918 ට 2013 ජූනි මස 21 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks