ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඉන්දීය රජයේ ආණ්ඩුව අතර ඇති කරගත් ගිවිසුම
(ii) 2012 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද 2013 අප්‍රේල් මස පරිපූරක වෙන්කිරීම
(iii) 2012 වර්ෂය සඳහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ
(iv) 2010 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ
වාර්ෂික වාර්තා
(v) 2012 වර්ෂය සඳහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ
(vi) 2012 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ
(vii) 2012 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ
(viii) 2012 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ix) 2012 වර්ෂය සඳහා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ
(x) 2012 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ
(xi) 2012 වර්ෂය සඳහා ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන්ට අවසර දෙන ලදී.
(ii) "අලෙවි මවුලානා පදනම (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත අංක (i) සහ (ii) පනත් කෙටුම්පත් පිළිවෙළින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා සහ සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
2013.06.18 වැනි දින ප.ව. 12.30 ට පැවැත්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමේ දී එකඟ වූ පරිදි පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 3 සහ 1 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) - සංශෝධන සහිතව
(2013.06.06 දින විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය)
(ii) පාර්ලිමේන්තු ශිෂ්‍යත්ව මණ්ඩලය (ඉවත් කිරීමේ)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"මහනුවර නගර සීමාව සඳහා විකල්ප මාර්ග" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1835 ට 2013 ජූනි මස 19 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.