බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ගරු අ. අජිත් කුමාර මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ
(ii) 2010 වර්ෂය සඳහා වී අලෙවි මණ්ඩලයේ

වාර්ෂික වාර්තා


(iii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ
(iv) 2012 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(v) 2012 වර්ෂය සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

කාර්යසාධන වාර්තා


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

පාර්ලිමේන්තු ශිෂ්‍යත්ව මණ්ඩලය (ඉවත් කිරීමේ)

2002 අංක 22 දරන පාර්ලිමේන්තු ශිෂ්‍යත්ව මණ්ඩලය පනත ඉවත් කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මෝටර් වාහන පනත යටතේ නි‍යෝග

සභාව විසින් සම්මත කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1514 ට 2013 ජූනි මස 5 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks