බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා ලෝහෝර් ආර්යා ණය අරමුදලේ
(ii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ

වාර්ෂික වාර්තා

(iii) 2011 වර්ෂය සඳහා ජනාධිපතිවරයාගේ අරමුදල පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව

(iv) 2012 වර්ෂය සඳහා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i) "කේ. ඩී. එම්. චන්ද්‍රා බණ්ඩාර ප්‍රජා සත්කාර පදනම (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මියට අවසර දෙන ලදී.

(ii) "ගබඩා ව්‍යාපෘති (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු වික්ටර් ඇන්ටනි මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත් දෙක සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

"ගරු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමා සහ ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් 2013.04.09 දින සභාවේදී කරන ලද ප්‍රකාශ දෙකක්" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1835 ට 2013 මැයි මස 22 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks