බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2012 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2008, 2009 සහ 2010 වර්ෂ සඳහා ටවර් හෝල් රඟහල පද‍නමේ වාර්ෂික වාර්තා සහ මූල්‍ය ප්‍රකාශ


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

"1988 අංක 75 දරන මානසික උපප්‍රකෘති ළමා පාසලේ ශුභ සාධක සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත සංශෝධනය කිරී‍ම සඳහා වූ පනත් කෙටුම්පත"

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු වයි. ජී. පද්මසිරි මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් යෝජනාව සභාව විසින් සම්මත කරන ලදී:-

දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිෂන් සභාවට මූල්‍ය විගණන වාර්තාවක් ඉදිරිපත් කිරීම

සියලුම පිළිගත් දේශපාලන පක්ෂ විසින් උපයාගත් ආදායම් හා දැරූ වියදම් වාර්ෂිකව විගණනයට භාජනයකර, ඒවා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.


කල් තැබීමේ යෝජනාව

"වකුගඩු රෝගය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2013 මැයි මස 21 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks