බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 19 වැනි වගන්තිය සමග කියවිය යුතු, එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග (2013.01.31 දිනැති අංක 1795/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i) ගොවිජන සංවර්ධන පනත යටතේ නියෝග
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යට‍තේ නියෝග
(iii) මෝටර් වාහන පනත යටතේ නියෝග



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ලෝක කම්කරු දිනය සැමරීම සඳහා සහභාගී වූ කම්කරු ජනතාවට ස්තුතිය පළ කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1855 ට 2013 මැයි මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks