E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු 1969 අංක 1 දරන ආනයන අපනයන (පාලන) පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද රෙගුලාසි (2013.04.03 දිනැති අංක 1804/17 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(ii) 2012 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2013


(iii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ
(iv) 2010/2011 වර්ෂ‍ය සඳහා සී/ස. කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ
(v) 2011 වර්ෂය සඳහා හලාවත වැවිලි සමාගමේ

වාර්ෂික වාර්තා


(vi) 2011 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ කාර්ය සාධන වාර්තාව


තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට,

? පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රනිල් වික්‍රමසිංහ
? පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුජීව සේනසිංහ

යන මහත්වරුන් විසින් 2013 මාර්තු මස 20 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනා ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

"මෛත්‍රීපාල සිරිසේන ලක්දරු දිරිය පදනම (සංස්ථාගත කිරීමේ)"

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ශාන්ත බණ්ඩාර මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මහතා කෙරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව විවාදයට ගෙන ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 32, විරුද්ධව 136) නිෂ්ප්‍රභා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1935 ට 2013 මැයි මස 8 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks