ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උප වගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග (2013.04.03 දිනැති අංක 1804/18 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(ii)
2011 වර්ෂය සඳහා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ
(iii)
2010/2011 වර්ෂය සඳහා සී.ස. ලංකා නැව් සංස්ථාවේ
(iv) 2010 වර්ෂය සඳහා හලාවත වැවිලි සමාගමේ
වාර්ෂික වාර්තා
(v) 2012 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පතල් හා ඛනිජ ද්‍රව්‍ය (සංශෝධන)
1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 11 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී. අංක (iv) සිට (vii) දක්වා විෂයයන් සංශෝධන සහිතව සම්මත විය:-
(i) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(ii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්
(iii) ආහාර පනත යටතේ නියෝග තුනක්
(iv) විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(v) උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(vi) මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(vii) උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(viii) හඟුරන්කෙත මාදන්වෙල රජමහා විහාර සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1707 ට 2013 මැයි මස 7 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.