E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(ii) 2011 වර්ෂය සඳහා ඉඩම් මැනුම් සභාවේ වාර්ෂික වාර්තාව

වාර්ෂික වාර්තා


? පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාලිත රන්ගෙ බණ්ඩාර මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2013 පෙබරවාරි මස 19 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව,
? පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2013 පෙබරවාරි මස 7 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව,

ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

"දෙල්තොට මහ්ෆලුල් උලමා අ‍රාබි විදුහල (සංස්ථාගත කිරීමේ)"

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. බී. ෆාරුක් මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත පනත් කෙටුම්පත් හි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) දෙවැනි වර කියවීම සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී:-

(i) දේශීය ආදායම් (සංශෝධන)
(ii) නොතාරිස් (සංශෝධන)
- (ඡන්ද විමසීමක් පවත්වන ලදී - පක්ෂව 70; විරුද්ධව 09)
(iii) ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) - (ඡන්ද විමසීමක් පවත්වන ලදී - පක්ෂව 74; විරුද්ධව 09)
(iv) ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) - (ඡන්ද විමසීමක් පවත්වන ලදී - පක්ෂව 74; විරුද්ධව 09)


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1835 ට 2013 අප්‍රේල් මස 23 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks