E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 අංක 52 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2012


(ii) "ජාතික ව්‍යාපාර කළමනාකාරීත්වය පාසල (NSBM)" උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් (2013.03.05 දිනැති අංක 1800/6 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(iii) "ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරයන්ගේ ආයතනය (ICASL)" උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් (2013.03.12 දිනැති අංක 1801/5 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

පිළිගැනීම සම්බන්ධයෙන් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද නියම


1980 අංක 26 දරන ආහාර පනතේ 32 වැනි වගන්තිය යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ආහාර උපදේශක කමිටුව විමසා සාදන ලද නියෝග:

(iv) 2011.01.14 දිනැති අංක 1688/28 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(v) 2011.11.25 දිනැති අංක 1733/47 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(vi) 2012.01.26 දිනැති අංක 1742/26 දරන අති විශේෂ ගැසට් පත්‍රය


(vii) (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග (2013.02.08 දිනැති අංක 1796/22 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(viii) 2011 අංක 46 දරන පනත මගින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 1ආ වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 95 වැනි වගන්තිය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග (2013.03.15 දිනැති අංක 1801/36 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


(ix) 2012 වර්ෂය සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ පාලන වාර්තාව


(x) 2008 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ
(xi) 2010 වර්ෂය සඳහා පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ

වාර්ෂික වාර්තා


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත පනත් කෙටුම්පත් හි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1,3,4,5,6,10 සහ 11 වශයෙන් සඳහන් වන) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කරන ලදී:-

(i) එකතුකළ අගය මත බදු (සංශෝධන) - සංශෝධන සහිතව
(ii) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) - සංශෝධන සහිතව
(iii) මුදල් - සංශෝධන සහිතව
(iv) ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) - සංශෝධන සහිතව
(v) බදු අභියාචනා කොමිෂන් සභාව (සංශෝධන) - සංශෝධන සහිතව (ඡන්ද විමසීමක් පවත්වන ලදී ? පක්ෂව 105; විරුද්ධව 05)
(vi) මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන)
(vii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන)



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2013 අප්‍රේල් මස 10 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks