E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග (2012.12.17 දිනැති අංක 1789/9 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(ii) 2003 අංක 25 දරන මුදල් පන‍තේ 2වැනි වගන්තියේ 1වැනි උප වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලද නියමය (2012.12.31 දිනැති අංක 1791/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(iii) 2011 අංක 17 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතින් අවසන් වරට සංශෝධිත 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පන‍තේ 3ඇ වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලද නියමය (2013.01.15 දිනැති අංක 1793/5 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යට‍තේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතුව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග දෙකක්

(iv) 2013.01.22 දිනැති අංක 1794/9 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(v) 2013.01.22 දිනැති අංක 1794/10 දරන අති විශේෂ ගැසට් පත්‍රය


කල් තැබීමේ යෝජනාව

“අධ්‍යාපනය - පාසල් වැසී යාම සහ ඒවායේ ඇති අඩුපාඩු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2013 මාර්තු මස 8 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks