E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2009 සහ 2010 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ
(ii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ
(iii) 2010 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ
(iv) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ
(v) 2010 වර්ෂය සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ

වාර්ෂික වාර්තා


(vi) 2011 වර්ෂය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාව


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

"පී. හැරිසන් ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)"

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ඒ. ඩී. චම්පික ප්‍රේමදාස මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ක්‍රීඩා පනත යටතේ නියෝග

කල් තබන ලද විවාදය හෙට දින කරගෙන යෑමට නියමිතයි.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත සඳහා මාර්ගෝපදේශ" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2013 මාර්තු මස 6 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks