E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ
(ii) 2010 වර්ෂය සඳහා තුරුසවිය අරමුදලේ
(iii) 2010 වර්ෂය සඳහා සැලසිනෙ රූපවාහිනී ආයතනයේ
(iv) 2010 වර්ෂය සඳහා පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ

වාර්ෂික වාර්තා

(v) 2011 වර්ෂය සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vi) 2011 වර්ෂය සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ
(vii) 2011 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා


(viii) 2011 අංක 52 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2012.


පාර්ලිමේන්තුවේ උප‍දේශක කාරක සභා

1. 2010 මැයි මස 05 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණද,

• පරිසර කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
• තාක්ෂණ හා පර්යේෂණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

පිළිවෙළින්

• පරිසර හා පුනර්ජනනීය බලශක්ති කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
• තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

යනුවෙන් හැඳින්විය යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.


2. මතු දැක්වෙන පරිදි උපදේශක කාරක සභා පහක් (05) පත් කළ යුතු බවට ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට සභාව එකඟ විය -

(i) සීනි කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
(ii) ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
(iii) උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
(iv) අධ්‍යාපන සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
(v) වනජීවී සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

"මොහාන් ලාල් ග්‍රේරු පදනම (සංස්ථාගත කිරීමේ)"

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු මනූෂ නානායක්කාර මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"උතුරු වසන්තය වැඩසටහන්" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1908 ට 2013 පෙබරවාරි මස 20 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks