E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

(ii) 2010 වර්ෂය සඳහා රෙදිපිළි පංගු මණ්ඩලයේ
(iii) 2011 වර්ෂය සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ
(iv) 2010 වර්ෂය සඳහා ලංකා - ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ
(v) 2010 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ
(vi) 2010 වර්ෂය සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ
(vii) 2010 වර්ෂය සඳහා සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ

වාර්ෂික වාර්තා


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

"සංවර්ධන පහසුකම් සැලසීමේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරී‍මේ)"

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු රාජීව විජේසිංහ මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී:-

(i) ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) - කල් තබන ලද විවාදය 2013 පෙබරවාරි මස 8 වැනි සිකුරාදා දින කරගෙන යෑමට නියමිතයි.
(ii) ලංකා ශාන්ත ජෝසප් සොහොයුරන්ගේ සංගමය (සංශෝධන) - සභාව විසින් සම්මත කරන ලදී.
(iii) හඟුරන්කෙත මාදන්වෙල රජමහා විහාර සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) - දෙවැනි වර කියවා "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"නීති, රෙගුලාසි සහ නියම නැවත මුද්‍රණය කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1847 ට 2013 පෙබරවාරි මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks