E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ
(ii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ
(iii) 2009-04-01 සිට 2010-03-31 දක්වා වන වර්ෂය සඳහා මාන්තායි සෝල්ට් ලිමිටඩ්හි
(iv) 2009/2010 වර්ෂය සඳහා සී/ස. ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ
(v) 2010 වර්ෂය සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ

වාර්ෂික වාර්තා


(vi) 2011 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ
(vii) 2011 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

කාර්යසාධන වාර්තා


(viii) ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අංක 1747/10 හා 2012 පෙබරවාරි 29 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් සංශෝධිත පරිදි අංක 1681/3 හා 2010 නොවැම්බර් 22 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් පැවරී ඇති බලය යටතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 1987 අංක 3 දරන පොදු කොන්ත්‍රාත් පනතේ 36 වැනි වගන්තිය යටතේ නිකුත් කළ අංක 508/7 හා 1988 ජුනි 2 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග (2012.08.30 දිනැති අංක 1773/36 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මෝටර් වාහන පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

"රිසානා නාෆීක් ඝාතනය කිරීම" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2013 පෙබරවාරි මස 6 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks