E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2010 වර්ෂය සඳහා ජාතික ආරක්ෂක අරමුදල පිළිබඳ විගණකාධිපති‍ගේ වාර්තාව

1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතේ 2 වැනි වගන්තිය යටතේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග

(ii) 2012.05.15 දිනැති අංක 1758/19 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(iii) 2012.05.31 දිනැති අංක 1760/40 දරන අති විශේෂ ගැසට් පත්‍රය


(iv) 2009 සහ 2010 වර්ෂ සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ
(v) 2010 වර්ෂය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ
(vi) 2010 වර්ෂය සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවේ

වාර්ෂික වාර්තා


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)

ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i) "ශ්‍රී ලංකාවේ ලේඛකයෝ සංවිධානය (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

(ii) "එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අරුන්දික ප්‍රනාන්දු මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ධූරයෙන් ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිවරයා වෙත පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව ප්‍රකාර ‍යෝජනාව සලකා බැලීම.

කල් තබන ලද විවාදය හෙට දින කරගෙන යෑමට නියමිතයි.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2013 ජනවාරි මස 11 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks