E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලද නියෝග

(i) 2012.11.08 දිනැති අංක 1783/19 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(ii) 2012.10.05 දිනැති අංක 1778/40 දරන අති විශේෂ ගැසට් පත්‍රය


(iii) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3 වැනි වගන්තියේ (3) වැනි උප වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලද නියෝග (2012.11.09 දිනැති අංක 1783/34 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


(52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලද නියම

(iv) 2012.10.05 දිනැති අංක 1778/41 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(v) 2012.10.05 දිනැති අංක 1778/42 දරන අති විශේෂ ගැසට් පත්‍රය


(vi) (235 වැනි අධිකාරය වූ) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් ‍වූ යෝජනාව (2012.11.08 දිනැති අංක 1783/18 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 (1) වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන්, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් පනවන ලද නියෝග

(vii) 2012.09.03 දිනැති අංක 1774/3 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(viii) 2012.11.08 දිනැති අංක 1783/20 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(ix) 2012.11.08 දිනැති අංක 1783/21 දරන අති විශේෂ ගැසට් පත්‍රය


(x) (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 237 වැනි වගන්තිය සමග කියවිය යුතු, එකී පනතේ 140, 141 සහ 164 වැනි වගන්ති යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග (2012.06.22 දිනැති අංක 1763/26 දරන අති විශේෂ ගැසට් පත්‍රය සහ 2012.10.10 දිනැති අංක 1779/17 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධනය කරන ලද)


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2013) - කාරක සභා අවස්ථාව

2013 විසර්ජන පනත් කෙටුම්පතේ විසිදෙවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"සිගරට් පැකට්වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2012 දෙසැම්බර් මස 8 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2013]

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks