ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ, විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලද නියම
(i) 2012.11.08 දිනැති අංක 1783/17 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(ii) 2012.10.13 දිනැති අංක 1779/38 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(iii) 2012.09.18 දිනැති අංක 1776/10 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(iv) 2012.08.10 දිනැති අංක 1770/26 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(v) 2010 වර්ෂය සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(vi)
2007,
2008,
2009,
2010,
2011 සහ
2012 වර්ෂ සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2013) - කාරක සභා අවස්ථාව
2013 විසර්ජන පනත් කෙටුම්පතේ විසිඑක්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ඉන්දියාවේ කුන්දන්කුලම් න්‍යෂ්ටික බලාගාරය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2012 දෙසැම්බර් මස 7 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
[
අයවැය 2013]