E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ
(ii) 2011 වර්ෂය සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා


(iii) 2010 වර්ෂය සඳහා කැළණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්


"සිරිලක ප්‍රජා ශාන්ති පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු තිස්ස අත්තනායක මහතාට අවසර දෙන ලදී.

"හෑන්ඩ්ස් ෆෝ එඩියුකේෂන් පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු හුනෙයිස් ෆාරුක් මහතාට අවසර දෙන ලදී.


කල් තැබීමේ යෝජනාව

"ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් 2012.10.09 දින කරන ලද අමාත්‍යාංශ නිවේදනය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2012 නොවැම්බර් මස 06 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks