E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ
(ii) 2009 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ

වාර්ෂික වාර්තා


(iii) 2011 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ
(iv) 2011 වර්ෂය සඳහා ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ

වාර්ෂික කාර්ය සාධන වාර්තා


(v) 2011 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ
(vi) 2011 වර්ෂය සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

වාර්ෂික කාර්යසාධන වාර්තා හා ගිණුම්


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මාසික දීමනාවක් ලබාදීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1855 ට 2012 ජූලි මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks