E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලද නියමය (2012.03.30 දිනැති අංක 1751/28 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(ii) (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 (1) වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රමසම්පාදන ආමත්‍යවරයා විසින් පනවන ලද නියමය (2012.03.30 දිනැති අංක 1751/29 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(iii) (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 (1) වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පනවන ලද නියෝගය (2012.03.30 දිනැති අංක 1751/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


පාර්ලිමේන්තු සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

කාරක සභාවේ කාල සීමාව 2012 අගෝස්තු මස 31 වැනි දින දක්වා තව දුරටත් දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එකඟ විය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ජාතික පාරිසරික පනත ය‍ටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"දේශීය ඖෂධ වර්ග වගා කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වික්ටර් ඇන්ටනි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1836 ට 2012 මැයි මස 25 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks