ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i)
2008 සහ
2009 වර්ෂ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ
(ii) 2008 සහ 2009 වර්ෂ සඳහා ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරියේ
(iii)
2009 වර්ෂය සඳහා ඇල්කඩුව වැවිලි සමාගමේ
(iv) 2010 වර්ෂය සඳහා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ
(v)
2010 වර්ෂය සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ
වාර්ෂික වාර්තා
(vi) 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 32 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 23ච වැනි වගන්තිය යටතේ පරිසර අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග (2011.12.29 දිනැති අංක 1738/37 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
"ජයරත්න පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අරුන්දික ප්‍රනාන්දු මහතාට අවසර දෙන ලදී.
"හිස්බුල්ලාහ් පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු හුනෙයිස් ෆාරුක් මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
"රාජ්‍ය බැංකුවලින් ලබා ගත් ණය ගෙවීම පැහැරහරින්නන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම" යෝජනාව (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කර නිෂ්ප්‍රභා කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
"ස්වාධීන කොමිෂන් සහ තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාකාරී සැලැස්මට අඩංගු කිරීම" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2012 මැයි මස 22 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.