E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2010 වර්ෂය සඳහා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ වාර්ෂික වාර්තාව
(ii) 2010 වර්ෂය සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii) 2009 ඔක්තෝබර් මස 11 වැනි දිනයෙන් අවසන් වන කාලච්ඡේදය සඳහා ශ්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv) 2006 සහ 2007 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික වාර්තා
(v) 2007 වර්ෂය සඳහා ඉදිකිරීම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනයේ (ඉක්ටාඩ්) වාර්ෂික වාර්තාව
(vi) 2008 වර්ෂය සඳහා පොල් පර්යේෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී:-

• එකතු කළ අගය මත බදු (සංශෝධන)
• දේශීය ආදායම් (සංශෝධන)
• ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන)
• වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන)
• ආ‍ර්ථික සේවා ගාස්තු (සංශෝධන)
• මුදල්



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"වෛකල්පික වෙද්‍ය ප්‍රතිකාර ක්‍රමයන්ට නීතිමය පිළිගැනීම ලබාදීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1837 ට 2012 අප්‍රේල් මස 03 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks