E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2009/2010 වර්ෂය සඳහා සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ii) 2007-2008 වර්ෂය සඳහා නෝත්සී සමාගමේ වාර්ෂික ගිණුම් සහ විගණන වාර්තාව
(iii) 2006 සහ 2007 වර්ෂ සඳහා ඇල්කඩුව වැවිලි සමාගමේ වාර්ෂික වාර්තා


පාර්ලිමේන්තු සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

කාරක සභාවේ කාල සීමාව 2012 මැයි මස 31 වැනි දින දක්වා තව දුරටත් දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එකඟ විය.


"ශ්‍රී ලංකා කෘෂිකර්ම ආයතනය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු වයි. ජී. පද්මසිරි මහතාට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"හලාවත ධීවරයින්ට වන්දි ලබා දීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1928 ට 2012 පෙබරවාරි මස 22 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks