E   |     |  

සභාවේ කටයුතු


"ශ්‍රී ලංකා මනෝ සමාජ වැඩ වෘත්තීයවේදී ආයතනය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අරුන්දික ප්‍රනාන්දු මහතාට අවසර දෙන ලදී.

"අල් ඉමාන් පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු හුනෙයිස් ෆාරුක් මහතාට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

• ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත
• බදු අභියාචන කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පත
- සංශෝධන සහිතව
• ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ශිෂ්‍ය පැහැරගැනීම් පිළිබඳ පදනම් විරහිත චෝදනා" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1745 ට 2012 ජනවාරි මස 20 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks