E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ජාතික පොලිස් අභ්‍යාස ආයතනය

ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පිහිටුවීම සඳහා ද; ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ අරමුණ හා කර්ත්‍යව්‍ය හඳුනා ගැනීම සඳහා ද; එම අභ්‍යාස ආයතනයේ කළමනාකරණය සහ පරිපාලනය සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම්පත ගරු වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

"ඉඩම්" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1754 ට 2011 සැප්තැම්බර් මස 23 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks