E   |     |  

සභාවේ කටයුතු


"රංජිත් අලුවිහාරේ පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අබ්දුල් හලීම් මහතාට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

• මුදල් ව්‍යාපාර පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
• මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
• ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත
• නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
• ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යට‍තේ නියෝගය



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ආසියාවේ ආශ්චර්යය: ප්‍රධාන නගර සංවර්ධනය කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1924 ට 2011 සැප්තැම්බර් මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks