E   |   த   |  

2026 නොවැම්බර් මස 27 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


“දිට්වා” සුළි කුණාටුවෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කරමින් මොහොතක නිශ්ශබ්දතාවක් පවත්වන ලදී.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ (4) (අ) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2027 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාව විසින් ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ
(ii)   2025 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii)  2024 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv)  2025 වර්ෂය සඳහා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වාර්ෂික වාර්තාව


මහජන පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා                   
(ii)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) සේන නානායක්කාර මහතා - පෙත්සම් දෙකයි 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
තිරසර ඉලක්ක ඔස්සේ සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය


අමාත්‍යාංශ නිවේදන

“දිට්වා” ව්‍යසනයේ පළමු සංවත්සර අනුස්මරණය පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය, ගරු බිමල් රත්නායක අමාත්‍යාංශ නිවේදනයක් කළේය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු
 
විසර්ජන පනත් කෙටුම්පත (2027) - (දොළොස්වැනි වෙන් කළ දිනය) - කාරක සභාව 
(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“බදුලු ඔය ජුම්මා පල්ලියට පිටුපස ඉඩම සුසාන භූමියක් ලෙස භාවිතයට අවසර දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තාහිර් මරික්කාර් මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1847 ට 2026 නොවැම්බර් මස 28 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.




මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks