පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
මහජන පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා - පෙත්සම් තුනයි
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා - පෙත්සම් තුනයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
උතුරු සහ නැගෙනහිර පළාත්වල වන හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලු
ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2027) - (එකොළොස්වැනි වෙන් කළ දිනය) - කාරක සභාව
(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 12 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(ii) උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2022)
(iii) අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව (2022)
(iv) අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව (2023)
(v) ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2022)
(vi) ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2023)
(vii) රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2020)
(viii) රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2021)
(ix) රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2022)
(x) රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2023)
(xi) ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව (2022)
(xii) ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව (2023)
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1813 ට 2026 නොවැම්බර් මස 27 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks