E   |   த   |  

2026 නොවැම්බර් මස 21 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “සංවිධානාත්මක අපරාධ වැළැක්වීම” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
2 : කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර අසුන් ගැනීමේ සැකැස්ම
3 : කාරක සභා අවස්ථාවේ වියදම් ශීර්ෂ සඳහා දිනය වෙනස් කිරීම    


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2027 කෙටුම්පත් අයවැය ඇස්තමේන්තුවල පාඨ ආදියෙහි යෝජිත වෙනස් කිරීමේ ලැයිස්තුව


කාරක සභා වාර්තා පිළිගැන්වීම

අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රිනී ගරු නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය විසින් පිළිගන්වන ලදී.


මහජන පෙත්සම් පිළිගැන්වීම

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා - පෙත්සම් නවයයි                       
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
චෙම්මණි සමූහ මිනීවළවල් කැණීමේ වර්තමාන තත්ත්වය

ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.


වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය අතිගරු ඉම්රාන් ඛාන් මහතා සම්බන්ධයෙන් කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2027) - කාරක සභාව (අටවැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කින්නියා මූලික රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉම්රාන් මහරූෆ් මහතා විසින් යෝජනා කරන ලදී.

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1852 ට 2026 නොවැම්බර් මස 23 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.





මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks