E   |   த   |  

2026 නොවැම්බර් මස 13 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)   ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXXIII (33) කොටස; සහ
•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XVIII (18), XIX (19), XX (20), XXI (21) හා XXII (22) කොටස්, සිව්වැනි කාණ්ඩයේ XII (12), XIII (13), XIV (14) හා XV (15) කොටස් සහ හයවැනි කාණ්ඩයේ VIII (8), IX (9), X (10), XI (11), XII (12), XIII (13), XIV (14), XV (15), XVI (16), XVII (17), XVIII (18), XIX (19), XX (20), XXI (21), XXII (22), XXIII (23), XXIV (24) හා XXV (25) කොටස්

(ii)  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXXIV (34) කොටස; සහ
•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXII (22), XXV (25), XXVI (26) හා XXVII (27) කොටස්, තෙවැනි කාණ්ඩයේ XIV (14) හා XVI (16) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XVII (17), XX (20) හා XXI (21) කොටස් 


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ii)   2026 අංක 09 දරන පරිපූරක ඇස්තමේන්තුව
(iii)  1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතේ 2 වගන්තිය යටතේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ඔක්තෝබර් 12 දිනැති අංක‍ 2510/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iv)  2023 වර්ෂය සඳහා නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ වාර්ෂික වාර්තාව


මහජන පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා - පෙත්සම් දෙකයි
(ii)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා - පෙත්සම් තුනයි
(iii)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා - පෙත්සම් හතරයි 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
2026 අයවැය වෙන්කිරීම්වලින් වියදම් නොකළ ප්‍රමාණය


අද දින සභාවේ ප්‍රධාන කටයුතු
 
විසර්ජන පනත් කෙටුම්පත (2027) - දෙවැනිවර කියවීම (පළමුවැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කොළඹ නගරයේ ජල ගැලීම් පිළිබඳ විමර්ශනය, විසඳුම් සහ වන්දි ලබා දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2027) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1840 ට 2026 නොවැම්බර් මස 14 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.




මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks