E   |   த   |  

2026 නොවැම්බර් මස 12 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
2 : “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
3 : “ආගමන” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය   


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     අයවැය, ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2027
(ii)    ප්‍රධාන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති 2027-2029
(iii)   ජාතික අයවැය 2027 - පුරවැසි අයවැය
(iv)   මධ්‍ය කාලීන ණය කළමනාකරණ උපාය මාර්ගය 2027-2031 සහ වාර්ෂික ණය ගැනීමේ සැලැස්ම 2027
(v)    බදු ආදායම් අහිමිවීම පිළිබඳ ප්‍රකාශය - 2025/2026
(vi)   රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩල තොරතුරු - 2026
(vii)   වර්ෂය මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2026
(viii)  2027 මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අයවැය ඇස්තමේන්තු කෙටුම්පත


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2027) - දෙවැනිවර කියවීම

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප‍.ව. 1.40 ට '2027 අයවැය කථාව' පැවැත්වීය.


කථානායකවරයාගේ නිවේදනය

2027 විසර්ජන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේ දී යෝජනා කිරීමට නියමිත සියලුම සංශෝධන 2026 නොවැම්බර් 16 සඳුදා අපර භාග 3.00 ට හෝ ඊට ප්‍රථම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත භාරදිය යුතු බව.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2027) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1831 ට 2026 නොවැම්බර් මස 13 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.




මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks