පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXXII (32) කොටස; සහ
• 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XI (11), XII (12), XIII (13) හා XIV (14) කොටස්, සිව්වැනි කාණ්ඩයේ VII (7) හා VIII (8) කොටස්, පස්වැනි කාණ්ඩයේ VIII (8) කොටස සහ හයවැනි කාණ්ඩයේ II (2) හා III (3) කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXVIII (68) කොටස; සහ
• 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XVII (17), XVIII (18) හා XIX (19) කොටස්, තෙවැනි කාණ්ඩයේ XIII (13) කොටස සහ නවවැනි කාණ්ඩයේ XI (11), XII (12) හා XIII (13) කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2022 වර්ෂය සඳහා ගාලු උරුමය පදනමේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
මහජන පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඒ. එම්. එම්. එම්. රත්වත්තේ මහත්මිය
(vi) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු රවී කරුණානායක මහතා
ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය
(ii) ගරු කේ. කාදර් මස්තාන් මහතා
උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාවගේ නැවත පදිංචි කිරීමේ ගැටළු
අමාත්‍යාංශ නිවේදන
(i) මන්නාරම සහ රාමේෂ්වරම් අතර තොටුපළ සේවාව නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් 2026.09.09 දින ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා සහ බලශක්ති අමාත්‍ය, ගරු අනුර කරුණාතිලක මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
(ii) ශ්‍රී ලංකාවේ අපනයන සහ ආයෝජන ආදායම සම්බන්ධයෙන් 2026.09.08 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා
ඉඩම් ගැටලු සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රතිචාරය
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ද ගුඩ්නස් පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කේ. කාදර් මස්තාන් මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) භාර (සංශෝධන) පනත් කෙටුම්පත
(ii) පරිපූරක මුදල — ශීර්ෂය 224 — වැඩසටහන 01
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“‘සන්පවර් එන(ර්)ජි සිස්ටම් පුද්ගලික සමාගම’ හි සූර්ය බලශක්ති ආයෝජන ව්‍යාපෘතිය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1758 ට 2026 නොවැම්බර් මස 06 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks