පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2025 වර්ෂය සඳහා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව
(ii) 2025 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2020 වර්ෂය සඳහා සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව
(iv) 2024 වර්ෂය සඳහා තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(v) 2025 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(vi) 2025 වර්ෂය සඳහා ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ගීතා හේරත් මහත්මිය - පෙත්සම් හතරයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
වන අලි ආරක්ෂා කිරීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(ii) පරිපූරක මුදල - ශීර්ෂය 119 - වැඩසටහන 01 සහ පරිපූරක මුදල - ශීර්ෂය 102 - වැඩසටහන 01
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1805 ට 2026 නොවැම්බර් මස 05 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks