පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
2 : “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
3 : එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සේවය කිරීම සඳහා ගරු නීතිඥ හබීබ් රිෆාන් මහතා පත් කිරීම
4 : අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු සුරංග රත්නායක මහතා පත් කිරීම
5 : 2027 වර්ෂය සඳහා වන අයවැය කථාවෙන් අනතුරුව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය සඳහා සියලුම ගරු මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ VII (7), VIII (8), IX (9) හා X (10) කොටස්, සිව්වැනි කාණ්ඩයේ VI (6) කොටස, පස්වැනි කාණ්ඩයේ VI (6) හා VII (7) කොටස් සහ හයවැනි කාණ්ඩයේ I (1) කොටස
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLVIII (48) කොටස;
• 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ L (50) කොටස;
• 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXXIII (33) කොටස;
• 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXVII (67) කොටස සහ නවවැනි කාණ්ඩයේ LII (52) කොටස; සහ
• 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XIII (13), XIV (14), XV (15) හා XVI (16) කොටස්, තෙවැනි කාණ්ඩයේ XII (12) කොටස සහ නවවැනි කාණ්ඩයේ VII (7), VIII (8), IX (9) හා X (10) කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(iii) 2024 වර්ෂය සඳහා ලෝහෝර් ආර්යා ණය අරමුදලේ වාර්ෂික වාර්තාව
(iv) 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ වාර්ෂික වාර්තාව
(v) 2026 අංක 07 දරන පරිපූරක ඇස්තමේන්තුව
(vi) 2026 අංක 08 දරන පරිපූරක ඇස්තමේන්තුව
(vii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ඔක්තෝබර් 01 දිනැති අංක 2508/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(viii) 2025 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2026.09.01 සිට 2026.09.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(ix) 2024 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(x) 2022 වර්ෂය සඳහා සීමාසහිත මහවැලි උපදේශක සේවා (පුද්ගලික) කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(xi) 2024 වර්ෂය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xiii) 2016 වර්ෂය සඳහා සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xiv) 2025 වර්ෂය සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි මහත්මිය
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා - පෙත්සම් තුනයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා
2026 මහ කන්නයේ දී ගොවීන් මුහුණ දෙන ගැටලු
(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
සංවර්ධන නිලධාරීන් මුහුණ දෙන ගැටලු
ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(101 වන අධිකාරය වූ) සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ
“සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් පිළිගන්වන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස් වෙත සහන සැලසීම පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ යෝජනා සම්මතය (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“අපනයනකරුවන් සඳහා මූල්‍ය නිදහස් කිරීම සහ පහසුකම් ලබා දීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1713 ට 2026 නොවැම්බර් මස 04 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks