01

E   |   த   |  

2026 ඔක්තෝබර් මස 22 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
2 : අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2024 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.
(ii)    2024 වර්ෂය සඳහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව.
(iii)    2024 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. සරත් මහතා   
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා - පෙත්සම් තුනයි          
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා                    
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා           
      
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
2026 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ භෞතික හා මූල්‍ය ප්‍රගතිය 

(ii)    ගරු රවී කරුණානායක මහතා
ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වන ආර්ථික හා මූල්‍ය බලපෑම 


අමාත්‍යාංශ නිවේදන

(i)    රටේ නිල සංචිතවල ගැටළු සම්බන්ධයෙන් 2026.08.18 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

(ii)    ‘රට තුළ වර්ධනය වන එල් නිනෝ දේශගුණික තත්ත්වය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර’ සහ ‘දිත්වාහ් හි පසු ආපදා කළමනාකරණය සහ රට තුළ පවතින එල් නිනෝ තත්ත්වය’ සම්බන්ධයෙන් පිළිවෙළින් 2026.09.10 සහ 2026.09.23 යන දිනයන්හි දී ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 11 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී: - 

(i)    විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත (එල්.ඩී. - ඕ. 8/2026) – සංශෝධන සහිතව
(ii)    විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත (එල්.ඩී. - ඕ. 11/2026) – සංශෝධන සහිතව
(iii)    ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව (2022)
(iv)    ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍යය ආයතනයේ වාර්ෂික වාර්තාව (2022)
(v)    ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2015)
(vi)    ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2016)
(vii)    ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2017)
(viii)    ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2018)
(ix)    රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව (2023)
(x)    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව (2022)
(xi)    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව (2023)



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරියට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලබා දීමේදී රජය අතින් සිදුවූ අඩුපාඩු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1758 ට 2026 ඔක්තෝබර් මස 23 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.



මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks