පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්ය) ජගත් වික්රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : “ශ්රී ලංකා ක්රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
2 : “ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
3 : “ආගමන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
4 : නව සමූහ රක්ෂණය සම්බන්ධයෙන් ගරු මන්ත්රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2025 වර්ෂය සඳහා රාජ්ය ණය කළමනාකරණ කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව.
(ii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සහ එවකට තාක්ෂණ අමාත්යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(iii) 2025 වර්ෂය සඳහා දකුණු පළාත් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බස්නාහිර පළාත් සභාව සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්රී ගරු රවී කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්රී කේ.වී. සමන්ත විද්යාරත්න මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්රී චානක මාදුගොඩ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න
(i) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
නීතිවිරෝධී මත්පැන් භාවිතය සහ නව මත්පැන් බලපත්ර සම්බන්ධ ගැටලු
ගරු ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්යවරයා ඉහත ප්රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු (වෛද්ය) රාමනාදන් අර්ච්චුනා මහතා
තිලීපන් අනුස්මරණ දිනය සම්බන්ධ ගැටලු
ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්යවරයා ඉහත ප්රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්යාංශ නිවේදන
‘මඩකලපුවේ සතුරුකොන්ඩන් ඝාතනය සහ අතුරුදහන් වීම පිළිබඳ විමර්ශනයේ විස්තර’ සම්බන්ධයෙන් සහ ‘වාර්ගික සහජීවනය සහ ජාතික ආරක්ෂාව සුරැකීමේ පියවර’ සම්බන්ධයෙන් පිළිවෙළින් 2026.08.07 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් සහ 2026.10.09 දින ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්රශ්නවලට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය, ගරු ආනන්ද විජේපාල මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(87 වන අධිකාරය වූ) භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
“භාර (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායකවරයා විසින් පිළිගන්වන ලදී.
අද දින සභාවේ ප්රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්යාය පත්රයේ අයිතම අංක 1 සිට 12 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී: -
(i) රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනාව
(ii) පරිපූරක මුදල — ශීර්ෂය 243 — වැඩසටහන 02
(iii) ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2021)
(iv) ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2022)
(v) ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2023)
(vi) බී සී සී ලංකා ලිමිටඩ් සමාගමේ වාර්ෂික වාර්තාව (2021/2022)
(vii) බී සී සී ලංකා ලිමිටඩ් සමාගමේ වාර්ෂික වාර්තාව (2022/2023)
(viii) ජාතික ලුණු සමාගමේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2021/2022)
(ix) ජාතික ලුණු සමාගමේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2022/2023)
(x) ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව (2022)
(xi) ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව (2023)
(xii) මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්යාස ආයතනයේ වාර්ෂික වාර්තාව (2023)
සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්රී එම්. එස්. උදුමාලෙබ්බේ මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්රී මේජර් ජෙනරාල් (විශ්රාමික) ජී. ඩී. සූරියබණ්ඩාර මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1732 ට 2026 ඔක්තෝබර් මස 22 වැනි බ්රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks