පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : “විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
2 : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන නවරාත්‍රී උත්සවය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 වර්ෂය සඳහා උක් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව.
(ii) 2020 වර්ෂය සඳහා ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ජගත් ගුණවර්ධන මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා
වාර්ගික සහජීවනය සහ ජාතික ආරක්ෂාව සුරැකීමේ පියවර
ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා
උතුරු පළාතේ සහ මන්නාරමේ පොල් වගාවට "සුදු මැස්සන්" උවදුරේ බලපෑම
අමාත්‍යාංශ නිවේදන
(i) හම්බන්තොට වරායෙන් ඉවත් කරන ලද ගල් අපනයනය කිරීම සම්බන්ධයෙන් 2026.09.09 දින ගරු දිලිප් වෙදආරච්චි මහතා විසින් අග්‍රාමාත්‍යතුමියගෙන් අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.
(ii) නුදුරු අනාගතයේදී ඇතිවිය හැකි එල් නිනෝ කාලගුණ තත්ත්වය සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය, ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
(iii) උතුරු සහ නැගෙනහිර පළාත්වල රජයේ ආයතනවල පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්බන්ධයෙන් 2026.09.25 දින ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ගරු (මහාචාර්ය) ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1, 2, 4 සහ 5 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. අයිතම අංක 1, 4 සහ 5 සම්මත කරන ලද අතර අයිතම අංක 2 ඇති සැටියෙන්ම සම්මත නොවීය:-
• දියගම වනාන්තරය ආරක්ෂා කිරීම
දියගම වනාන්තරය කොළඹ තදාසන්නයේ ඉතිරිව ඇති අවසාන නාගරික පහත්බිම් වැසි වනාන්තරවලින් එකක් වන අතර නගරයට ආසන්නතම වැසි වනාන්තර කොටස වන හෙයින් ද; බොල්ගොඩ ගඟ පෝෂණය කරන එහි තෙත් බිම් සහ ඇළ දොළ හරහා ජල ප්‍රවාහය නියාමනය කිරීමෙන් ස්වාභාවික ගංවතුර අවරෝධකයක් ලෙස එය වැදගත් කාර්යභාරයක් ඉටු කරන හෙයින් ද, එමඟින් අවට ප්‍රජාවන් ගංවතුරෙන් ආරක්ෂා කෙරෙන හෙයින් ද; මෙම වනාන්තරය රතු උණහපුළුවා, දම් පැහැ මුහුණැති කොළ වඳුරා සහ හඳුන් දිවියා වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ ඇතුළුව ශාක හා සත්ත්ව විශේෂ 220 කට අධික සංඛ්‍යාවකට නිවහන වන හෙයින් ද; ආසන්න වශයෙන් 12.6% ක් ආවේණික ශාක හා 11.58% ක් ආවේණික සත්ත්ව විශේෂ සඳහා රැකවරණය සලසන එකම තීරණාත්මක ජෛව විවිධත්ව කේන්ද්‍රස්ථානයක් වන හෙයින් ද, ඒවායිනුත් බොහොමයක් නාගරික ව්‍යාප්තිය නිසා වැඩි වැඩියෙන් තර්ජනයට ලක්ව ඇති හෙයින් ද; දියගම වනාන්තරය එහි උණහපුළු ගහනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති හෙයින් ද, විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගනිමින් තිරසර පාරිසරික සංචාරක ව්‍යාපාරය සඳහා ශක්තිමත් විභවයක් පවතින හෙයින් ද; ජෛව විවිධත්වය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම වනාන්තරයේ ආරක්ෂාව අත්‍යවශ්‍ය වන හෙයින් ද; දියගම වනාන්තරය අහිමි වීම නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි තත්ත්වයක් වනු ඇති හෙයින් ද, එය අප්‍රමාදව සංරක්ෂණය කිරීම අනාගත පරම්පරාවන් සඳහා අත්‍යවශ්‍ය කටයුත්තක් වන බැවින් සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇති ජාතික හා ජාත්‍යන්තර සංරක්ෂණ එකඟතාවන් සම්පූර්ණ කිරීමක් වන හෙයින් ද; දියගම වනාන්තරය තුළ සිදු කෙරෙන සියලුම එළිපෙහෙළි කිරීම් සහ සංවර්ධන කටයුතු වහාම නතර කිරීමට, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත (FFPA) යටතේ ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස එය ගැසට් කිරීමට, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලසීමාව යටතේ එය තැබීමට සහ අනාගත ආක්‍රමණ සහ තිරසර නොවන සංවර්ධනයට එරෙහිව හැකි තරම් ශක්තිමත් නීතිමය ආරක්ෂාව සහතික කිරීමට කඩිනමින් ක්‍රියා කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• 1983 ‘කළු ජූලිය’ සමඟ ඇති වූ ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සත්‍යය සෙවීම, විනාශයන් තක්සේරු කිරීම සහ නැවත එවැනි ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම
1983 ‘කළු ජූලිය’ සහ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ සමූල ඝාතන, ජනවාර්ගික ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන්, රටේ ජාතික ඒකාබද්ධතාව, සමාජ ව්‍යුහය සහ ආර්ථිකය මත දරුණු කැළලක් ඇති කර ඇති හෙයින් ද, මෙම ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල දී දහස් සංඛ්‍යාත ජනතාවක් ඝාතනයට ලක්ව, දස දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වී සරණාගතයන් බවට පත් කළ හෙයින් ද, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ඇතුළු වටිනා දේපළ ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කරන ලද හෙයින් ද, මෙම සිදුවීම සිදු වී වසර හතළිහකට වඩා වැඩි කාලයක් ගතවී ඇතත්, මෙම ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙය වූ තැනැත්තන් හඳුනාගෙන නොමැති හෙයින් ද, සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ දේපළ හානි පිළිබඳව පුළුල් හා ස්වාධීන විමර්ශනයක් මෙතෙක් පවත්වා නොමැති හෙයින් ද, මෙවැනි ජනවාර්ගික ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා නැවත අප රට තුළ සිදු නොවීම තහවුරු කිරීම සහ රටේ සියලුම ජන කොටස් අතර තිරසර සමගිය හා සංහිඳියාව ගොඩනැඟීම අත්‍යවශ්‍ය වන හෙයින් ද, එකී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සත්‍යය සෙවීම, විනාශයන් තක්සේරු කිරීම සහ නැවත එවැනි ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් ණය වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිසෙන් අති බහුතරයක් මේ වනවිට ණය වින්දිතයින් බවට පත්ව සිටින බැවින්, එම පිරිසට සාධාරණය ඉටු කිරීම සඳහා වැඩසටහනක් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආයතන දේශපාලනීකරණයෙන් තොර කිරීම
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආයතන දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බව පෙනී යන බැවින්, ඡන්දයෙන් තේරී පත් වන දේශපාලනඥයින් ක්‍රීඩා ආයතනවල නායකත්ව තනතුරු සඳහා තරග කිරීම සහ ඒවා හෙබවීම තහනම් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1633 ට 2026 ඔක්තෝබර් මස 20 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks