02

E   |   த   |  

2026 ඔක්තෝබර් මස 8 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
2 : “ට්‍රෙඩ්සෝ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ IV (4) හා V (5) කොටස්, සිව්වැනි කාණ්ඩයේ III (3) කොටස සහ පස්වැනි කාණ්ඩයේ III (3) හා IV (4) කොටස්.
(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩය ─ විද්‍යුත් වාහන භාවිතය, පසු භාවිත කළමනාකරණය සහ පාරිසරික බලපෑම පිළිබඳ ඇගයීම - ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ විගණන වාර්තාව.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 අධිකාරය) රේගු ආඥා පනතේ 10අ වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 අගෝස්තු 14 දිනැති      අංක 2501/88 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. 
(ii)    2025 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iii)    2025 වර්ෂය සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා       
           
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු රවී කරුණානායක මහතා
නිදහස් වෙළඳ ගිවිසුම් පුළුල් කිරීම සඳහා වන ජාතික උපායමාර්ගය


අමාත්‍යාංශ නිවේදන

(i)    “2018 සිට 2026 දක්වා උතුර සහ නැගෙනහිර පළාත්වල සංචාරක කාර්ය සාධනය පිළිබඳ විස්තර” සහ “ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව” සම්බන්ධයෙන් 2026.07.22 සහ 2026.09.09 දිනයන්හි දී ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය, ගරු විජිත හේරත් මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

(ii)    “සමාජීය, ආර්ථික සහ මූල්‍ය ප්‍රතිලාභ සම්බන්ධයෙන් IMF ගිවිසුම පිළිබඳව රජයේ ඇගයුම” සහ “ශ්‍රී ලංකාවේ අපනයන සහ ආයෝජන ආදායම” සම්බන්ධයෙන් 2026.06.09 සහ 2026.09.08 දිනයන්හි දී ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සංශෝධන සහිතව සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1800 ට 2026 ඔක්තෝබර් මස 9 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.



මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks