පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව.
(ii) 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iii) 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජුනි 18 දිනැති අංක 2493/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.
(iv) 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජුනි 18 දිනැති අංක 2493/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.
(v) 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 ජුනි 18 දිනැති අංක 2493/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
(vi) 2025 වර්ෂය සඳහා දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
‘අස්වැසුම’ සුභසාධන වැඩසටහනේ ගැටලු
ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
උතුරු හා නැගෙනහිර වරාය සහ ගුවන් සේවා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විස්තර
අමාත්‍යාංශ නිවේදන
(i) රට තුළ වර්ධනය වෙමින් පවතින එල් නිනෝ (El Nino) දේශගුණික තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වන බලපෑම අවම කිරීමේ පියවර සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය, ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
(ii) ශ්‍රී ලංකාවේ එල් නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය, ගරු අනුර කරුණාතිලක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
(iii) ‘සෙස්’ බද්ද සහ දේශීය කර්මාන්ත පිළිබඳ ගැටළු සහ අක්‍රීය ණය සහ කපා හරින ලද ණය හේතුවෙන් රාජ්‍ය බැංකුවලට සිදු වූ පාඩුව සම්බන්ධයෙන් පිළිවෙළින් 2026.05.22 සහ 2026.08.05 යන දිනවල ගරු සජිත් ප්‍රේමදාස මහතා සහ ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2026 ජනවාරි මස 06 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාලසීමාව, 2026 දෙසැම්බර් මස 17 දින දක්වා දීර්ඝ කළ යුතු ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-
• ඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට යටත් කිරීම
විදුලිය, ඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත නියාමනය කළ යුතු වුවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අධීක්ෂණය කිරීම සඳහා අදාළ පනත් සංශෝධනය නොකිරීම හේතුවෙන් වසර 21කට වැඩි කාලයක සිට ඛනිජ තෙල් සහ ජලය යන කර්මාන්ත නියාමනයට යටත් නොවී තිබෙන තත්ත්වය වෙනස් කිරීම සඳහා අදාළ නීතිමය කටයුතු සිදු කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පවුල් ඒකකයන් වෙත දිරි දීමනාවක් ලබා දීම
2018 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව අඛණ්ඩව පහත යමින් තිබෙන බව නිරීක්ෂණය වී ඇති හෙයින් ද, එහි ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ ශ්‍රී ලංකාවේ තරුණ ජනගහනය පහළ යාම නියත වශයෙන් සිදුවන හෙයින් ද, තරුණ ජනගහනය පහළ යාම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයට ඉතා අගතිදායක ලෙස බලපාන හෙයින් ද, ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පවුල් ඒකක වෙත ආකර්ශණීය දිරි දීමනාවක් ලබා දීමට රජය විසින් පියවර ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• පරිවේණාචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා ඔවුන්ගේ වැටුපෙන් අමතර සියයට හයක මුදලක් අයකිරීම නතර කිරීම
නූතන පාසල් අධ්‍යාපන රටාව මෙන්ම, සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව වූ පිරිවෙන් අධ්‍යාපනය, මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන අධ්‍යාපන රටාවක් වන හෙයින් ද, නූතන පාසල් අධ්‍යාපන ක්‍රමයට, එහි ගුරුවරයන් හා සිසුන්හට ලැබෙන වරප්‍රසාද මෙන්ම පිළිගැනීම, පිරිවෙන් අධ්‍යාපනයට හෝ එහි ගුරුවරයන් හා ගිහි පැවිදි සිසුන් දෙපාර්ශ්වයටම එලෙසින්ම නොලැබෙන හෙයින් ද, පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රධානම භූමිකාව වන පරිවේණාචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා ඔවුන්ගේ වැටුපෙන් අමතර සියයට හයක මුදලක් අයකිරීම 2026 අප්‍රේල් මස 01 දින සිට නතර කිරීමට අවශ්‍ය පියවර ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• කඳුකර ප්‍රදේශවල ආහාර බෝග වගා කිරීම
2025 නොවැම්බර් මස දී, ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් ඇති වූ “දිට්වා සුළි කුණාටුව” හේතුවෙන් කෑගල්ල, මහනුවර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල කඳු ආශ්‍රිත ප්‍රදේශ බහුලව නායයෑමට ලක් වූ හෙයින් ද, දැනට ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල රිලවා, වඳුරා සහ දඬුලේනා වැනි වන සතුන්ගෙන් වගා හානි සිදුවන හෙයින් ද, මෙම සතුන්ගේ ආහාර වෙනුවෙන් සහ පරිසර සමතුලිතතාවය ආරක්ෂා කිරීම සඳහාත්, පාංශු ඛාදනය වළක්වා ගැනීම සඳහාත්, එකී නායයෑමට ලක් වූ කඳුකර ප්‍රදේශවල කොස්, අඹ, කොස්දෙල් සහ ඇටඹ වැනි ආහාර බෝග වගා කිරීම සඳහා පියවර ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• කිතුල් කර්මාන්තය නගා සිටුවීම
ශ්‍රී ලංකාවේ කිතුල් මැදීමේ තාක්ෂණය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කිරීම මඟින් අප රට පිළිබඳව ලෝකය තුළ විශේෂ ගෞරවයක් හිමි වී ඇති හෙයින් ද, ගාල්ල, මාතර, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුරය, කෑගල්ල, බදුල්ල, ගම්පහ හා තවත් දිස්ත්‍රික්කවල, මෙම කර්මාන්තය අසීරු ලෙස රැකගනිමින් සාම්ප්‍රදායික කිතුල් ආශ්‍රිත කර්මාන්තකරුවන් දහස් ගණනක් මේ වනවිටත් එහි යෙදී සිටින හෙයින් ද, මෙම කර්මාන්තය නැගී එන සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ කිරීමටත්, නවීන තාක්ෂණය යොදා ගනිමින් සාමාන්‍ය ග්‍රාමීය ජනතාවගේ ආර්ථික සංවර්ධනය සඳහා වූ නව ප්‍රවේශයන් සකස් කිරීමටත් සහ කිතුල් කර්මාන්තයේ දීර්ඝ කාලීන සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමටත් සුදුසු යාන්ත්‍රණයක් සකස් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම
ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලන නවීන තාක්ෂණික උපාධිධාරින් පිරිසක් සපයන විශ්වවිද්‍යාලයක් වන හෙයින්, ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රවල වර්ධනය වන අවශ්‍යතාවන් මෙන්ම ගෝලීය අවශ්‍යතාවන් සලකමින්, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ස්ථාපනය කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. සමන්ත රණසිංහ මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1738 ට 2026 සැප්තැම්බර් මස 22 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks