පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සමඟ සිදු කරන අන්තර් ක්‍රියාකාරී සැසිය
2 : පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන සියලුම වාර්තා ඩිජිටල් ආකාරයෙන් ලබා ගැනීමට එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කැමැත්ත විමසීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2025 වර්ෂය සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ii) 2025 වර්ෂය සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(iv) 2023 වර්ෂය සඳහා ජී. එස්. එම්. බී. ටෙක්නිකල් සර්විසස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.
(v) 2024 වර්ෂය සඳහා සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව.
(vi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහා නගර සභාව (පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 488) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(vii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහා නගර සභාව (පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 490) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(viii) 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව.
(ix) 2025 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(x) 2025 වර්ෂය සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xiii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ එවකට ජල සම්පාදන අමාත්‍යාංශය, එවකට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සහ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්ප කුමාර මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා
මන්නාරම සහ රාමේෂ්වරම් අතර තොටුපළ සේවාව නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීම
(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2026 සැප්තැම්බර් මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks