logo

02

E   |     |  

2026 අගෝස්තු මස 6 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022, 2023 සහ 2024 වර්ෂ සඳහා තිරසර සංවර්ධන සභාවේ වාර්ෂික වාර්තා.
(ii)    2025 වර්ෂය සඳහා පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරයේ කාර්ය සාධන වාර්තාව.
(iii)    2025 වර්ෂය සඳහා එවකට පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iv)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(v)    2024/2025 වර්ෂය සඳහා සීමාසහිත ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හි වාර්ෂික වාර්තාව.
(vi)    2024 වර්ෂය සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු උපුල් කිත්සිරි මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති  වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය       
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා                    

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු රවී කරුණානායක මහතා
ජංගම දුරකථන අංක හුවමාරු කරගැනීමේ හැකියාව සහ විදුලි සංදේශ ජාල සේවා ආශ්‍රිත කරුණු ක්‍රියාත්මක කිරීම  

ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 

(ii)    ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා
උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව කිලිනොච්චියට ගෙනයාම 

ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 

අමාත්‍යාංශ නිවේදන

දුම්කොළ ආශ්‍රිත රෝග, මරණ අවම කිරීම, නීති විරෝධී වෙළඳාමට එරෙහිව සටන් කිරීම සහ රජයට නීත්‍යානුකූලව ලැබිය යුතු ආදායම වැඩි කිරීම සඳහා ආණ්ඩුවේ උපාය මාර්ගය සම්බන්ධයෙන් 2026.06.11 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය. 


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    සත්ව (සංශෝධන) 
(ii)    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන)



සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1808 ට 2026 අගෝස්තු මස 7 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.



මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks