logo

02

E   |     |  

2026 ජූලි මස 24 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : අද දින විශ්වාසභංග යෝජනාවේදී මන්ත්‍රීවරුන් විසින් සිදු කරනු ලබන කතා සම්බන්ධයෙන්
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2026 අංක 03 දරන පරිපූරක ඇස්තමේන්තුව.
(ii)    2024 වර්ෂය සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(iii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iv)    2025 වර්ෂය සඳහා ජනාධිපති අරමුදලේ කාර්ය සාධන වාර්තාව.
(v)    2025 වර්ෂය සඳහා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව.
(vi)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(vii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(viii)    2024 වර්ෂය සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(ix)    2024 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(x)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග     120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xi)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. සුජිත් සංජය පෙරේරා මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය 
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා - පෙත්සම් තුනයි 
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා    
              
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)



පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල පිළිබඳ විස්තර

ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 

(ii)    ගරු රවී කරුණානායක මහතා
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ඩිජිටල් පරිවර්තන පද්ධතිය ක්‍රියාත්මක කිරීම



පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ආර්ථික සහ ග්‍රාමීය සම්පත් සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ඩී.වී. චානක මහතාට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව පරාජය විය (පක්ෂව 36; විරුද්ධව 152).


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1816 ට 2026 අගෝස්තු මස 4 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks