logo

02

E   |     |  

2026 ජූලි මස 22 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(ii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(iii)    2025 වර්ෂය සඳහා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iv)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(v)    2022 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(vi)    2024/2025 වර්ෂය සඳහා සී/ස ලංකා පොස්පේට් සමාගමේ වාර්ෂික වාර්තාව.
(vii)    2025 වර්ෂය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(viii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව.
(ix)    2025 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(x)    2025 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව. 


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් තුනයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා   
               
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)



පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු කේ. කාදර් මස්තාන් මහතා
මන්නාරම දිස්ත්‍රික්කයේ වැඩබලන කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන්

ගරු කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 

(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
2018 සිට 2026 දක්වා උතුර සහ නැගෙනහිර පළාත්වල සංචාරක කාර්ය සාධනය පිළිබඳ විස්තර 


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i)    මාධ්‍ය වෘත්තිකයන් සඳහා වෘත්තීමය ප්‍රමිති හඳුන්වා දීමේ සහ පවත්වාගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය”

නමැති පනත් කෙටුම්පත ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.

(ii)    1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ

“ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු කම්කරු අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.



සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1546 ට 2026 ජූලි මස 23 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.



මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks