logo

03

E   |     |  

2026 ජුනි මස 26 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
2 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා “තැනැත්තන් වෙළඳාම පිළිබඳ දැනුම්වත් කිරීමේ සහ අවබෝධතා වැඩසටහනක්”
3 : පාර්ලිමේන්තුවේ පවත්වන “දියවන්නා පොසොන් බැති ගී සරණිය”


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2025 මූල්‍ය වර්ෂය සඳහා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ වාර්ෂික ණය කළමනාකරණ වාර්තාව.
(ii)    2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වගන්තිය ප්‍රකාරව, 2027 වර්ෂය සඳහා මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය.
(iii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.
(iv)    2025 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(v)    2025 වර්ෂය සඳහා කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව.
(vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(vii)    2023 වර්ෂය සඳහා සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව
(viii)    2025 වර්ෂය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ix)    2025 වර්ෂය සඳහා රත්නපුර සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තා.


පෙත්සම් පිළිගැන්වීම

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා 

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)



පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු රවී කරුණානායක මහතා
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය

(ii)    ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රයක් නොමැතිකම


අමාත්‍යාංශ නිවේදන

2026 හජ් වන්දනාවේදී වන්දනාකරුවන් මුහුණ දුන් දුෂ්කරතා සම්බන්ධයෙන් 2026.06.10 දින ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පිළිතුරු ලබා දුන්නේ ය.



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ නියමය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

“මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වා අවසන් කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1734 ට 2026 ජූලි මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.




මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks