logo

03

E   |     |  

2026 ජුනි මස 23 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
2 : ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
3 : අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
4 : සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
5 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා “අසාත්මිකතාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ සහ හඳුනාගැනීමේ” වැඩසටහනක්


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXVI (66) කොටස; 
•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVI (56) හා LVII (57) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XLI (41) හා XLII (42) කොටස්; සහ 
•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ I (1) කොටස

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩය ─ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 2022 සැප්තැම්බර් සිට 2024 අගෝස්තු දක්වා ක්‍රියාත්මක කරන ලද ජලගාස්තු සංශෝධන සම්බන්ධයෙන් පිළියෙළ කරන ලද විශේෂ විගණන වාර්තාව.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරු සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(iv)    2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 11 වගන්තිය සමඟ කියවිය යුතු 17 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 දෙසැම්බර් 23 දිනැති අංක 2468/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(v)    2025 වර්ෂයේ හතරවන සහ 2026 වර්ෂයේ පළමුවන කාර්තු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව.
(vi)    2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 51 වගන්තිය ප්‍රකාරව, 2025 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව.
(vii)    (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 237 වගන්තිය සමඟ කියවිය යුතු 141, 143, 144, 157අ, 168 සහ 190 වගන්ති යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 මාර්තු 19 දිනැති අංක 2480/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(viii)    2024 වර්ෂය සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(ix)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ වාර්ෂික වාර්තාව.
(x)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරංග අබේසිංහ මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අනෙකුත් ගැටළු

(ii)    ගරු රවී කරුණානායක මහතා
ගොවීන්ගේ විරෝධතාව සහ වී වගාවේ අනෙකුත් ගැටළු


අමාත්‍යාංශ නිවේදන

(i)    උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගෙන් අත්පත් කරගත් රන් ආභරණ නැවත බාරදීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් 2026.01.23 දින ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය. 

(ii)    රජය විසින් ප්‍රධාන ආගමික නායකයින්ට සහ පුද්ගලයින්ට නිකුත් කරන ලද නිල ගමන් බලපත්‍ර පිළිබඳ විස්තර සම්බන්ධයෙන් 2026.03.20 දින ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, ගරු ආනන්ද විජේපාල මහතා පිළිතුරු ලබා දුන්නේ ය.



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක (iv) ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:- 

(i)    එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii)    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දෙකක් 
(iii)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(iv)    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ධීවර කර්මාන්තය මුහුණ දෙන ගැටළු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1743 ට 2026 ජුනි මස 24 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.



මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks